අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි සහනාධාර ගැන නැවත සමීක්ෂණයක්

    ජූලි 16, 2016

    නියම වශයෙන් සමෘද්ධි සහනාධාර ලැබිය යුතු පුද්ගලයන් පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරමින් පවතින බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

     සමාජ සුභසාධනය පිළිබඳ ප්‍ර‍වීන ජාත්‍යන්තර හා දේශිය විද්වතුන් පිරිසක් විසින් විද්‍යාත්මක ක්‍ර‍මවේදයකට අනුව සකස් කරන  ලද  ප්‍ර‍ශ්න පත්‍ර‍යක් හරහා සහනාධාර ලැබිය යුත්තන් තෝරාගැනීම පිණිස මෙම සමීක්ෂණය සිදුකරන  බව ඇමතිවරයා පැවසුවේ පසුගියදා පන්නල දී පැවැති වැඩිහිටි ජංගම සහන වැඩසටහනකට එක්වෙමිනි.

    මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලය හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ජංගම සහන වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එහිදී නොමිලේ ඇස්කණ්නාඩි ලබා දීම, රෝද පුටු හා කිහිලිකරු ලබා දීම අඩු ආදායම් ලාභීන්ට නිවාස ආධාර මුදල් ලබා දීම වැනි ප්‍ර‍ජා සත්කාරක වැඩසටහන් රාශියක් දවස පුරාම ක්‍රියාත්මක විය.

    ස්ථිර වශයෙන්ම නව ක්‍ර‍මයතුල සමහර අයට සහනාධාර වැඩි වීම, සමහර අයට අඩුවීම, සමහර අයගේ සහනාධාර නොලැබීම, නව සමීක්ෂණය අනුව සිදු විය හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ආබාධ සහිත, නිවාස නොමැති සියලු දෙනාගේ නිවාස සාදා දීම රජයේ අපේක්ෂාවක් වන අතර එම තොරතුරු අනුව එවැනි ගෙවල් 1,700 ක් ලංකාවේ තිබෙන බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya