අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුගඟ වේල්ලෙහි නිදන් තැන්පත් කිරීම ජුලි මස 25 වන දා

    ජූලි 15, 2016
     
    මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය යටතේ කළුගඟ වේල්ලෙහි  නිදන් තැන්පත් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 25 වන දින සිදු කිරීමට නියමිතය.
    මෙම ව්‍යාපෘතිය තුලින් මෙගා වොට් 25 ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක්කළ හැකි වන අතර  මෙමගින් හෙක්ටයාර් 82,000 කට ජලය සැපයීමට හැකිවන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 570 ක් ආයෝජනය කර ඇති අතර කළු ගඟ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 129 ක් වැය කෙරේ . මොරගහකන්ද ව්‍යාපෘතියෙහි වැඩ මේ වන විට 75% ක් අවසන් කර ඇති අතර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කිරීමට හැකිවනු ඇතැයිද කළු ගඟ ව්‍යාපෘතිය ලබන වසර අවසන් වන විට නිම කිරීමට හැකිවනු ඇතැයිද  අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     
    කළු ගඟ සිට ජලය මොරගහකන්දටත් ඉන් හුරුළු වැවටත් ගෙන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යංශ ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා පැවසීය. 2020 වන විට මෙම ජලය උතුරු නැගෙනහිර හා වයඹ පළාත් වල වගාවන් සඳහා ප්‍රයෝජනයට ගතහැකි වනු ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    මෙම ව්‍යාපෘතියත් සමඟම නව ජනාවාස ඇති වන අතර මාර්ග ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමද සිදු කෙරෙන අතර මෙමගින් පවුල් ලක්ෂ 2 කට පමණ ප්‍රතිලාභ හිමි වේ. 
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya