අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසර සංවර්ධනයට පාරිසරික අංශයෙන් 2018 වසර වනවිට ඉලක්ක රැසක්

    ජූලි 17, 2016

    රටේ සිදු කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට සමගාමීව වසර 2018 වනවිට  පාරිසරික අංශයෙන් ඉලක්ක රැසක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ජාතික ක්‍රමසම්පාද දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ 2015 වසරේ කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.


    ඒ අනුව වසර 2018 වනවිට කසළවලින් තොර විධිමත් කසල කළමනාරණයක් සහිත රටක් බවට පත් කිරීම, 2018 වසර වනවිට  දිවයින වටා පිහිටි සමුදුර දූෂණයෙන් තොර කලාපයක් බවට පත් කිරීම, රටේ වන වැස්ම සියයට 29.7% සිට සියයට 32%දක්වා හෙක්ටයාර් 60කින් ඉහළ නැංවීම, කාලගුණ වාර්තාවන්ගේ නිරවද්‍යතාව සියයට 70% සිට සියයට 72% දක්වා ඉහළට ගෙන ඒම,නාය යෑම් හේතුවෙන් සිදුවන ජීවිත හානි වැළැක්වීම, ගංවතුර තත්ත්වයන්ගේ බලපැමට ලක්වන ජනතාව සියයට 50%කින් පහළ දැමීමට කටයුතු කිරීම යන ඉලක්ක ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරයි.


    ශක්තිමත් ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීම කරන අතරතුරදී ම පාරිසරික ගුණාත්මකභවය රැකගනිමින්  හා ස්වාභාවික සංසිද්ධීන් මෙන් ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අපදාවන්හි බලපෑම් අවම කරමින්, තිරසර සංවර්ධනයක් ළඟා කරගැනීමට මෙම අංශයේ ජාතික ප්‍රතිපත්තිය බව 2015 කාර්යසාධන වාර්තාව පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya