අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවිනුවර ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ රන්දෝළි මහා පෙරහැර 19 දා

    ජූලි 17, 2016

    ඇසළ පුර පසළොස්වක පොහොය යෙදෙන ජුලි 19 අඟහරුවාදා දින සවස 5.16 ට යෙදෙන සුභ මොහොතින්  මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ රන්දෝළි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.

    මාතර - දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යෙයේ කටයුතු ජුලි මස 13 වැනි  බදාදා සවස 4.36 ට යෙදෙන සුභ මොහොතින් පළමුවෙනි පේළි පෙරහැරත් සමඟ ආරම්භ කෙරිණි.

    දින හයක් පුරාවට සන්ධ්‍යා භාගයේ දී පේළි පෙරහැර පැවැත් වේ. ඒ අනුව ජුලි 13 දිනෙන් ආරම්භ වී 14,15,16,17,18 හා 19 වන සඳුදා දිනයෙන් පේළි පෙරහැර පැවැත්වීම අවසන් කෙරේ.

    අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිතව පැවැත්වෙන රන්දෝළි මහා පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කරවීමට සැලසුම් කර තිබේ.

    ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය වසර 758 ක් පුරා පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 759 වන පෙරහැර මංගල්‍යයයි.

    ජුලි 19 දින සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර ජුලි 26 අඟහරුවාදා රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිණි පාගා 27 වන දින පෙ.ව. 11.00 ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමා කෙරේ.

    DMU/matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya