අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 5ක් යනතුරු රජය වට්ටන්න බැහැ- ඇමැති විජයදාස රාජපක්ෂ

    ජූලි 15, 2016

    යහපාලන ආණ්ඩුවේ සංවර්ධනාත්මක ගමන අඩපණ කිරීමට අවස්ථාවාදි දේශපාලන නෂ්ටාවශේෂ කටයුතු කරමින් සිටින බවත් මේ රජය තවත් වසර පහක් යනතුරු වට්ටන්න කිසිම කෙනෙකුට බැරි බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    පසුගිය වසර 70 තුළ මේ රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බව පෙන්වා දුන් ඇමැතිවරයා අද එම පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් බිහි කරලා තිබෙන අතර එහිදී වෙනත් සංධාන පක්ෂ හැදුවට වැඩක් නැති බව ද සඳහන් කළේය.

    මේ ජාතික ආණ්ඩුව ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටු කර තිබෙන අතර යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනිමට කටයුතු කළ බවත්  ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අඩු ආදායම්ලාභි ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදිම සඳහා  සිමෙන්ති ලබා දිමේ වැඩපිළිවෙලේ මහරගම ආසනයේ ජනතාව වෙත සිමෙන්ති ලබාදිමේ දෙවන අදියරයට එක් වෙමින් ඊයේ (14) අමාත්‍යවරයා මේ බව පැවසීය.


     නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර දෙවන අදියර යටතේ අඩු ආදායමිලාභින් 30 දෙනෙකු සඳහා එක් අයෙකුට සිමෙන්ති මිටි 10 බැගින් ලබාදීම සිදු විය.අදියර 10 ක් යටතේ ඉදිරියේදි තවත් පවුල් 217 ක් සදහා සිමෙන්ති ලබාදිමට නියමිතව තිබේ.

    වැට් බද්ද වැඩි කර ජනතාවට පීඩාවට පත් කර තිබෙන බව සමහර පිරිස් චොදනා කළත් අත්‍යවශ්‍ය භාණ්ඩවලින් වැට් බද්ද ඉවත් කර තිබෙන බවත් රජයට විශාල ණය බරක් තිබෙන අතර ජාතික ආදායමේ 97%ක් ණය සහ පොලිය ගෙවීමට සිදු වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya