අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගැසට් කිරීමෙන් පසු වැඩි මිලට අලෙවි කිරීම බැහැ

    ජූලි 14, 2016

    අත්‍යවශ්‍ය භාණ්ඩ 15ක මිල ගණනන් ගැසට් වූ පසු  කිසිඳු අවස්ථාවක පාරිභෝගිකයාට එම මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සිදු නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    මිල පාලනය සමඟ  භාණ්ඩ හිඟයක් ඇති නොවීම වැළැක්වීමට ද රජය පියවර ගෙන තිබෙන බව ඊයේ (13) අමාත්‍ය මණඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

     

    ඒ අනුව ලක්සතොස මධ්‍යස්ථාන 600ක් දක්වා වැඩි කිරීම, වෙළෙඳ නියෝජිත ආයතන 1000ක් දිවයින පුරා ඇති කිරීම, එහි උප නියෝජිතායතන 2000 ඇති කිරීම යනාදීය තුළින් පාරිභෝගිකයාට සිල්ලර මිල ගණන් වැඩි වීමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එසේම මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාවල නිලධාරීන් 10,000ක් මෙම වැඩසටහනට අනුයුක්තත කරමින් වැට් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරිකයින්ට ගනුදෙනු කිරීමේ පහසුව ප්‍රාදේශීය මට්ටමේ සිට ඇති කිරීම යනාදී කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙන බවත් මෙම නිලධාරීන්ට පාරිභෝගික සේවා අධිකාරිය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම ද සිදු වන බවත් අබේවර්ධන මහතා සඳහන් කළේ ය.

     

    වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 20 වැනි දා දැනුම් දෙන බවත් ඒ සම්බන්ධයෙන් ලබන 17 සහා 18 වැනි දින සාකච්ඡා කිහිපයක් පවත්වනු ලබන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya