අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " INCOM " කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනය අගෝස්තු 26 දා

    ජූලි 14, 2016
     
    "INCOM" කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනය අගෝස්තු 26 -30 දක්වා අම්පාර සමන්තුරේ කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන්  ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළද පොලට යොමු කිරීම හා නව රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ රජයේ අරමුණ කේන්ද්‍ර කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසීය. 
     
    එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වී සිටින කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සදහා සහාය දීම හා ඒ සදහා රාජ්‍ය අංශයෙන් ලබා දෙන ප්‍රතිලාභ පිළිබදව ඔවුන් දැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේ තවත් අරමුණක් බවද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා, මෙම ප්‍රදර්ශණ මාලාවේ දෙවන ප්‍රදර්ශනය කෑගල්ල දැදිගම ආසනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පැවසීය. 
     
    ප්‍රදර්ශණ කුටි 250  කට අධික සංඛ්‍යාවකින්  යුක්ත වන අතර අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නිෂ්පාදකයන් සදහාම විශේෂිත ප්‍රදර්ශණ මණ්ඩපයක්ද ඉදි කිරීමට නියමිතය. 
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya