අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවැනි දිනය අදයි- තම පරිශ‍්‍ර පිරිසිදුව තබාගන්න

    ජූලි 14, 2016

    තෙදින ඩෙංගු මර්දන වැඩසටහන කණ්ඩායම් 750 ක සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 08 ක ක්‍රියාත්මක වන බවත්  තමන්ගේ පරිශ‍්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ  උපදෙස් මත අද ඊයෙ දින (13) සිට (15)දින දක්වා ක‍්‍රියාත්මක තෙදින ඩෙංගු මර්දන
    වැඩසටහන මරදාන දුම්රිය ස්ථානයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥවෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාර්ථකව ආරම්භ විය.

     

    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා -  පසුගිය කාලයේ පැවතුන වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය තුළ ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දකින්නට ලැබුනා. ප‍්‍රධාන වශයෙන්ම කොළඹ, ගම්පහ, කළුතර,ගාල්ල, මහනුවර ආදී දිස්ත‍්‍රික්කවල රෝගය ව්‍යාප්ත වුනා. එබැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ත‍්‍රීවිධහමුදාව,පොලීසිය,කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව විශේෂ මදුරු මර්දන වැඩසටහන් රැසක් ආරම්භ කළා.

     

    අද දින සිට දින තුනක මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රීයාත්මක වෙනවා.මේ සඳහා ද ත‍්‍රීවිධ හමුදාව, පොලීසිය,කොළඹ සහ අනෙකුත් නගර සභා සම්බන්ධ කරගෙන කණ්ඩායම් 750 ක සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 08 ක කොට්ඨාස 60 කමෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙනවා. ජනතාව දැනුවත් කිරීම, මදුරුවන් බෝවිය හැකි පරිශ‍්‍රයන් පවිත‍්‍ර කිරීම,ධූමායන කටයුතු ශක්තිමත් කර තිබෙනවා.විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිශ‍්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

     

    එමෙන්ම කසල බැහැර කිරීම ක‍්‍රමානුකූලව සිදු කිරීම ද ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම අපි තවමත් දකිනවා රෝගීන් රෝහලට පැමිනීමේ ප‍්‍රමාදයක්. දින දෙකකට වඩා උණ තිෙබි නම් වහාම ළගම තිබෙන රජයේ රෝහල වෙත පැමිණීමත්, උණ පාලනය කිරීම සදහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම ඉතාම වැදගත් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරය පැවසී ය.

     

    දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50 ක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ. කඩුවෙල,කොළොන්නාව,දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇත. 2009 වසරේ දී ඩෙංගු රෝගීන් 35000 ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 346  කි. 2012 වසරේ දී ඩෙංගු රෝගීන් 44460 ක් වාර්තා වූ අතර මරණ 186 ක් සිදුව තිබෙනවා. 2015 වසරේ දී මරණ 56 ක් සිදු වූ අතර  හමු වූ රෝගීන් සංඛ්‍යාව 29,999 කි. 2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 23,505 ක් වාර්තා වී තිබෙන අතර  සිදුව ඇති මරණ සංඛ්‍යාව 40 කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya