අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සතොස ජාලය පරිගණක ගත කිරීමට උපදෙස්

    ජූලි 14, 2016

    සමස්ත ලංකා සතොස ජාලය පරිගණක ගත කිරීම ඉදිරි මාස හය තුළ සිදුකිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා  නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    ලංකා සතොස කළමනාකරුවන් 300 කට අධික පිරිස සඳහා වූ  පුහුණු සැසියකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. පුහුණු සැසිය පදනම් ආයතනයේ දී පැවැත්විණි.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිශාඩ් බද්යුදීන් මහතා විසින්  හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල මහතා  ලංකා සතොස ආයතනයේ කළමනාකාර විශේෂඥයෙකු ලෙස පත් කර තිබෙන බව ද කලමණාකරුවන් තම සේවයට හා ආයතනයේ දියුනුවට අවශ්‍ය කැපවීම දක්වන්නේ නම්, ලංකා සතොස ජාලය ලාභ ලබන සුපිරි වෙලෙඳ සැල් ජාලයක් වන බවත් අවධාරණය කෙරිණි.

     

    ලැඛෙන පැමිණිලි අනුව, ලංකා සතොස ජාලයේ සිදුවන අක්‍රමිකතා, දූෂණ සහ සොරකම් අවම කර, ඒවා පිළිබඳ තොරතුරු සෙවීමට සහ පරීක්ෂණ පැවැත්වීම යන කටයුතු වලට අවශ්‍ය නායකත්යවය ප්‍රේමලාල් රණගල මහතා විසින් ලබා දීමට නියමිත බවද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya