මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුක් රෝපණ වැඩ සටහනක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේදී

    ජනවාරි 08, 2016
    ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් රුක් රෝපණ වැඩ සටහනක් අද මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි. 
    සියළුම සංවර්ධන කටයුතු සිදුවිය යුත්තේ පරිසර සංරක්ෂණයත් සමඟම බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය. මෙම පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙළ රාජ්‍ය අංශයේත් පුද්ගලික අංශයේත් සියළුදනාගේම සහයෝගය ඇතිව ක්‍රියාත්මක කළ යුතු බවත් එය තනි තනිව කළ නොහැකි දෙයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
     
    මේ වන විට 29 % ක් වන වන ඝනත්වය ඉදිරි වසර 3 ඇතුලත 32% දක්වා වර්ධනය කර ගැනීම රජයේ අපේක්ෂාවයි .
    මේ සඳහා ආරම්භ කර ඇති පුනරුදය ජාතික වැඩ සටහන යටතේ මේවන විට වන රෝපා වැඩ සටහන ආරම්භ කර ඇත. 
    මේ යටතේ ආහාර සුරක්ෂිතතාව හා ගෙවතු වල වන ඝනත්වය වැඩි කර ගැනීම සඳහා ගෙවතු ආශ්‍රිතව පලතුරු වැනි පැල වර්ග රෝපණය කිරීමට පියවර ගෙන ඇත. මේ සදහා  කෘෂි කර්ම දෙපාර්තමේන්තුව වෙත රුපියල්  මිලියන 6 ක මුදලක් ලබා දී ඇතිබව අමාත්‍යවරයා පවසයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දැව සංස්ථාව, මහවැලි සංවර්ධන අධිකාරිය එක්ව රෝපණය කිරීම සඳහා බොදා දීමට පැල දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ සුදානම් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya