මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්ෂික ශිෂ්‍යභට ඇගයීම් කඳවුරේ ත්‍යාග ප්‍රදානය කෙරේ

    ඔක්තෝබර් 24, 2015

    ජාතික ශිෂ්‍යභට බලකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි “හර්මන්ලුස්” ශූරතා කුසලානය මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි “ද සොයිසා” ශූරතා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදී.

    අභියෝගවලට මුහුණ දිය හැකි විනය ගරුක තරුණ පරපුරක් ගොඩනැඟීමට ජාතික ශිෂ්‍යභට බලකායෙන් සුවිශේෂි දායකත්වක් ලැබුණු බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    විශේෂයෙන්ම ජාතික ශිෂ්‍යභට බළකා පුහුණුව වගේම වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය සිසු දරුවන්ගේ ජීවිතයට වැදගත් අත්දැකීමක් වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යයක්ෂ මේජර් ජෙනරාල් චන්දන රාජගුරු, සාක් කළාපීය රටවල් 05 ක ශිෂ්‍ය බලකා අධ්‍යක්ෂවරු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහ ශිෂ්‍ය භටයින් මේ අවස්ථාවට සහභාගී වූහ.

    unnamed 7

    unnamed 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya