මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිළිඳු බව දුරු කළ දිගාමඩුල්ලක් වෙනුවෙන් සැවොම කැපවෙමු - නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ

    ඔක්තෝබර් 03, 2015

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සිටින සමෘද්ධි ප්‍රතිලාභීන් සියලූ දෙනා එම ලේඛණයෙන් ඉවත් කර දිස්ත්‍රික්කයේ දිළිඳු බව දුරලීමට සියලූ දෙනා කැප වී කටයුතු කළ යුතු බව ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.

     

    අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 'වික්‍රම' ශාලාවේ දී පසුගිය දා පැවති සමෘද්ධි නිවාස ලොතරයි ජයග්‍රාහී සමෘද්ධි ප්‍රතිලාභීන් තිස් දෙදෙනෙකු වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් වන ආධාර ලබා දීමේ උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අනෝමා ගමගේ මහත්මිය මෙසේ ද සඳහන් කළාය. මේ වන විට සමෘද්ධි ප්‍රතිලාභ ලෙස හිමිවන්නේ රුපියල් තුන්දහස් පන්සියයක් වැනි ඉතා සුළු මුදලකි. නමුත්, අවම වශයෙන් අද පවතින ආර්ථීක තත්ත්වයන් සමඟ ජීවත් වීමට එමෙන් දස ගුණයකවත් ආදායමක් අවශ්‍ය වෙනවා. අප කළ යුතුව ඇත්තේ සමෘද්ධි ප්‍රතිලාභීන් එම දිළිඳු මට්ටමින් මුදවාගෙන උසස් ජීවන තත්ත්වයක් දක්වා උසස් කිරීමට අවශ්‍ය සහාය ලබා දීමයි. 

    මේ වන විටත් තමාගේ මැදිහත් වීමෙන් කාන්තාවන් මූලික කර ගනිමින් ගෘහ ආශ්‍රිත ආර්ථීකය ඉහළ නැංවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව බවද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

    අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් කාන්තාවන් වෙනුවෙන් විවිධ ස්වයං රැකියා සඳහා අවශ්‍ය පුහුණුව මෙරට දී මෙන්ම අවශ්‍ය නම් විදේශයන්හි දී  ලබා දීමට කටයුතු කරන බවයි. එම ව්‍යාපෘති සාර්ථක වීමෙන් පසු එක් කාන්තාවකට මාසිකව රුපියල් පනස් දහස ඉක්මවූ ආදායමක් ලබා ගැනීම අපහසු නොවන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

    පෙර පාලකයින් මෙන් අවශ්‍යතාව පසෙකලා දේශපාලන පක්ෂය මත පදනම්ව උපකාර කිරීම හෝ නොසලකා හැරීම මින් ඉදිරියේ දී සිදු නොවනු ඇති බව ද අනෝමා ගමගේ මහත්මිය කියා සිටියාය.

     

    මෙම අවස්ථාවට අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ, දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ සඳරුවන් පියදාස යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya