මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ටෝගෝ රජය සමඟ තානාපති සබඳතා තහවුරු කරයි

    සැප්තැම්බර් 29, 2015

    ශ්‍රී ලංකාව පසුගිය ඉරිදා (27) ටෝගෝ ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රක සබඳතා ස්ථාපිත කරන ලදී.

    දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්රයන්හි දෙරට අතර මිත්‍රත්වය හා සහයෝගීතාව  රාජ්‍ය තාන්ත්‍රක සබඳතා මඟින් තව තවත් ශක්තිමත් වනු ඇත.

     

    රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීම, රාජ්‍යයන් දෙක සඳහා යෝග්‍ය වන අතර ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමට සහ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සම්බන්ධ මූලධර්ම ආරක්ෂා කිරීමට ද උපකාරී වනු ඇත.

     

    බටහිර අප්‍රිකාවේ පිහිටි ටෝගෝ රාජ්‍ය නැගෙනහිරින් බෙනින්, උතුරින් බර්කිනා ෆාසෝ වලට හා බටහිරින් ඝානාවටත් මායිම් වී ඇත.

     

    රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ වියානා සම්මුතිය යටතේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ විදේශ ඇමති මංගල සමරවීර මහතා සහ ටෝගෝ රජයේ විදේශ කටයුතු, සහයෝගීතා සහ අප්‍රිකානු ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය Robert Dussey මහතා විසින් නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ දී අත්සන් තබන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya