මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසන් පළතුර ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහනක් කෑගල්ලෙන් ඇරඹේ

    සැප්තැම්බර් 28, 2015
     
    ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වෙනි ජන්ම දිනයට සමගාමීව රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින්  පවති. මෙයට සමගාමීව රේඛීය කෘෂිකර්ම  අමාත්‍යාංශය හා සබරගමුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව  මසන් පළතුර ව්‍යාප්ත කිරිමේ වි‍ශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
    මසන් යනු වියළි කලාපීය ප්‍රදේශ වලට සිමාවු පළතුරකි. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක මෙම විශේෂ වැඩ සටහන මගින්  සිටුවන මසන් ගස වසර දෙක තුනක් ඇතුලත ඵල දැරීම විශේෂත්වයකි.  මෙය ගෙමිදුලේ හෝ තරමක් විශාල පෝච්චියක හෝ වගා කල හැක. 
     
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වැඩ සටහනේ  ප්‍රථම අදියර යටතේ මසන් පැල 300  ක් පමණ සිටුවිමට  සැලසුම් කර ඇත. මේ සදහා ගොවීන්ගේ දායකත්වය ඉහළ මට්ටමක පවතින අතර විශේෂයෙන් ගොවීන් තෝරා ගැනීම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කිරිමද  මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හේතු වී ඇත.
     
    වර්තමානයේ මෙම පලතුර සැලකෙන්නේ ඌණ භාවිත පලතුරක් ලෙසය. මෙම පලතුර වෙරළු ගෙඩියක් තරම් වන අතර මෙහි රසය පෙයාස් වලට බොහෝ සමානය.  මිට වසර කිපයකට පෙරදී ශ්‍රි ලංකාව තුළ සුලභව දක්නට ලැබිණි . එහෙත් වර්තමානය වන විට මෙම පලතුර දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
     
    මෙහි සමාරම්භක වැඩසටහන වරකාපොල මැතිවරණ කොට්ඨාසයේ දැදිගම ඵෛතිහාසික කොට වෙහෙර ආසන්නයේ වික්‍රමසිංහ මහතාගේ ගෙවත්තේදී  ආරම්භ කරන ලදි. 
     
    මෙම වැඩසටහන කෑගල්ල දිසාපති  එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ මගපෙන්විම හා නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ  අමල් අරුණප්‍රිය මහතා  මේ සදහා දායකත්වය දක්වයි.  
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya