මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය අද ඇරඹේ

    සැප්තැම්බර් 10, 2015

    දෙවන ජාතික මදුරු මර්දන සතිය අද (10) සිට ආරම්භ වෙයි. මදුරු මර්දන සතිය සැප්තැම්බර් 16 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    ජාතික ඩෙංගු මර්ධන ඒකකය, ජනාධිපති කාර්ය සාධක බලකාය එක්ව මෙවරත් මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කරයි.

     

    ඊශාන දිග වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන් වැඩි වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට මූලික අඬිතාලමක් ලෙස මෙම සතිය ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    මේවනවිටත් දැනුවත් කිරීම් චක්‍රලේඛ මඟින් සියලු අමාත්‍යාංශ හා රජයේ අනෙකුත් ආයතන වෙත යවා තිබෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.

     

    මෙවර ඩෙංගු මර්දනය සඳහා ත්‍රිවිධ හමුදාවේ,සිවිල ආරක්ෂක බලකාය, පොලීසියේ සහාය ලැබෙන අතර සියලු පළාත් පාලන ආයතන ද වැඩසටහනට සම්බන්ධ වෙයි.

     

    ඉදිරි මදුරු මර්දන සතියේ දී නිවාස ලක්ෂ 6-7 අතර පරික්ෂා කිරීමට අපේක්ෂා කරන අතර නිවාස වෙත පමිණෙන ආරක්ෂ නිලධාරීන්ට සහ සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කළේ ය.

     

    මදුරු මර්දන සතිය තුළ අදි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුළ ඒ ඒ දිනවල සැලසුම් සහගත වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    ඒ අනුව මදුරු මර්දන සතියේ පළමු දිනය වන අද තෝරාගත් කලාපවල ඇති නිවාස,පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන,රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ඉදිකිරීම් පරිශ්‍ර,කර්මාන්තශාලා, ආගමික ස්ථාන ආදිය පරික්ෂා කිරීම සිදු කිරීමට නියමිතය.

     

    ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, ඩෙංගු රෝගීන් වාර්තා වීම පසුගිය වසරට වඩා 10,000කින් පමණ අඩු වී ඇති බවයි.මේ වනවිට දිවයිනෙන් ම වාර්තා වී තිබෙන රෝගීන් සංඛ්‍යාව 19387ක් වන අතර මරණ 36ක් වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya