මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

    සැප්තැම්බර් 07, 2015

    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීම අද දින (07) සුභ මොහොතින් සිදුකරන ලදී.

    සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම මෙන්ම මිනිසා විසින් සිදුකරන ආපදා පාලනය කිරීම කෙරෙහිත් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. ආපදාවක් වු විට ක්ෂණික සහන ලබාදීමට වඩා පුර්ව ආපදා කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා වැදගත් බවත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වැඩිදුරටත් හෙතෙම පැවසීය.

     

    ප‍්‍රථිවියේ උෂ්ණත්වය වැඩිවීමත් සමඟ දූපතක් වශයෙන් අප රටට මුහුණ දීමට තිබෙන ව්‍යසනකාරී තත්වයන් වැඩි වී තිබෙන බවත් ඒ නිසා රටක් වශයෙන් ද ඒ පිළිබඳව අවධානය යොමු කරවීමේ අවශ්‍යතාව සිය අදහස් දැක්වීමේදී ප‍්‍රකාශ කරන ලදී.

     

    ලොව පුරා ආපදා ව්‍යසන වැඩිවීමේ ප‍්‍රවණතාවය සහ  ආපදා නිසා සිදුවන අලාභ හානි ශීඝ්‍ර වශයෙන් වැඩිවීමේ ප‍්‍රවණතාවය මත ආපදා විෂය ලොවපුරා අවධානය යොමු වී ඇති බවත් පෙන්වා දුන් ඒ අමාත්‍යවරයා පරිසර අමාත්‍යවරයා වශ‍යෙන් සිය රාජකාරී ඉටු කිරීම නිසා ලත් අත්දැකීම් ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශ විෂය තුළ කටයුතු කිරීමේ දී වැඩි පරිචයක් ලබා ගැනීමට ඉවහල් වන බව තවදුරටත් පැවසීය.

     

    එසේම අමාත්‍යවරයා නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් තෝරාගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යතුමාටත් සිය කෘතවේදීත්වය පළකරන ලදී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya