මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

    ජූලි 13, 2015
    පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරදීමේ අවසාන දිනය අද(13)යි. එම නිසා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා ඇත.
     
    අද පෙරවරු 7.00  සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ඇත. බේස්ලයින් පාර, හැව්ලොක් පාර, විදුලි සංඥා මංසන්දියේ සිට නාරාහේන්පිට හංදිය දක්වාත් පාර්ක් රෝඩ් සිට ඇල්විටිගල මාවත, විදුලි සංඥා මංසන්දිය දක්වා සහ නාවල මංසන්දියේ සිට බේස්ලයින් පාර, නාරාහේන්පිට මංසන්දිය දක්වාත් මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.
     
    අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya