අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල සුළගේ වේගය පැ.කි.මී. 70-80 දක්වා ඉහළ යා හැකි බව ද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට වැසි ඇතිවන අතර මධ්‍යම කදුකරයේ අනෙකුත් ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.