මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනගහනය,තිරසර සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක්

    ජූලි 08, 2015
    ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් සංවිධානය කළ''සෞඛ්‍ය සම්පන්න තිරසර සංවර්ධනයක් සඳහා ජනගහනයේ දයකත්වය'' නමින් සම්මන්ත්‍රණයක් ඊයේ (07) කොළඹ දී පැවැත්විණි.
     
    මේ අවස්ථවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
     
    ජනගහනය නව ප්‍රවණතා සහ එය රටේ සංවර්ධනයට කෙසේ දායක කරගත යුතු ද යන්න පිළිබඳව විද්වතුන් රැසක් එහිදී අඳහස් දැක්වීම සිදු කළේ ය.
     
    පවුල් සෞඛ්‍ය කාර්යංශයයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙරණගම,මහචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා,මහාචාර්ය රාජිත වික්‍රමසිංහ,ආචාර්ය එම්. ගනේෂ්මූර්ති,ආචාර්ය සුනේත්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් විද්වත් දේශන පවත්වන ලදී.
     
     
    මේ අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චිත්‍රමාලී ද සිල්වා මහත්මිය ඇතුළු ජනමාධ්‍යවේදීහු, ක්ෂෙත්‍රයේ විශේෂඥවරු රැසක් සහභාගී වූහ.
     
    a popula 2
    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya