මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමතය කොතැනද බලන්න මැතිවරණයකට යන්න

    ජූනි 19, 2015
    අපි ඉල්ලන්නේ ඉක්මණින් මහ මැතිවරණයට යන්න කියලා. එතකොට බලාගන්න පුළුවන් ජනමතය කොතැනද තියෙන්නේ කියලා යැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
    අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, පසුගිය දා බලංගොඩ ප‍්‍රදේශයේදී ජනහමුවක් අමතමිනි.
     
    දැන් ජනාධිපතිතුමාට උප්පැන්න සහතික ලබාදීමට හා ජනාධිපතිතුමා වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලීමට විශාල පිරිසක් සිටිනවා. ජනාධිපතිවරණය ජයග‍්‍රහණයෙන් පසු මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී සිටිනවා. නමුත් අපිට මතකයි ඒ අය මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පරාජය කිරීමට පෙනී සිටි අය. බැරි වෙලාවත් ඒ මහත්තයා පරාජය වුනා නම් අපි හැමෝටම අඩි 6ක් ඇතුළෙ ඉන්න වෙන්නේ.
     
    හොර නඬේ සියළු දෙනාම කටයුතු කළේ, අපිව එතැනට පත්කරන්න. ඒත් ජනතාව මෛති‍්‍රපාල මහත්තයායි රනිල් මහත්තයායි විශ්වාස කළා. අපි ඒ විශ්වාසය කවදාවත් කඩකරන්නේ නෑ. අපි දන්නවා මේ තාවකාලික ආණ්ඩුවක්. අපි ඉල්ලන්නේ ඉක්මණින් මහ මැතිවරණයට යන්න කියලා. එතකොට බලාගන්න පුළුවන් ජනමතය කොතැනද තියෙන්නේ කියලා. මම හොඳින්ම දන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමාට පිටුපාන්නේ නැහැ කියලා.
     
    මීළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම අගමැතිවෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි.  අපි හැමෝම ණයකාරයෝ කරලා ඒ අය සුරසැප වින්දා.   හැමදාම බලය ඒ අයට තියෙනවා කියලා විශ්වාස කළා. අපේ රටේ අය මෝඩයෝ නොවේ යැයි ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya