මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති හා බංග්ලාදේශ ප්‍රවෘත්ති ඇමති අතර හමුවක්

    ජූනි 18, 2015
    ​​​ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කැරුණාතිලක මහතා සහ බංග්ලාදේශයේ ප්‍රවෘත්ති ඇමැති හසන් හක් ඉනු මහතා (Mr.Hasanul Haq Inu) ඊයේ (17)  ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමු වූ අතර එහිදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ජනමාධ්‍ය සහයෝගිතාව ඇති කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට තීරණය කරමින් එකඟතාවකට එළැඹ ඇත.
    ​​
    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ජනමාධ්‍ය සහයෝගීතාව ඇති කිරීමේ වැඩසටහනේදී පුහුණු පාඨමාලාවන් ඇති කිරීම මෙන්ම මාධ්‍යවේදීන් හුවමාරු වැඩසටහන් ඇතිකිරීමටත් අපේක්ෂා කෙරේ. 
     
    මෙරට ඇති වී තිබෙන මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් හසන් හක් ඉනු මහතා මේ හමුවේදී සිය ප්‍රසාදය පළ කර ඇත. නව මාධ්‍ය සඳහා ලබා දී ඇති නිදහස පිළිබඳවත් බංග්ලාදේශ ප්‍රවෘත්ති ඇමැතිවරයා සතුට පළකළ අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා අදාළ වෙනත් ආයතනවලින් බංග්ලාදේශ සිසුන්ට ජනමාධ්‍ය, සිනමාව පිළිබඳ ව දැනුම ලබාගැනීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
     
    එමෙන්ම බංග්ලාදේශය තුළ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව තුළ ප්‍රජා ගුවන්විදුලි සංකල්පය ප්‍රවර්ධනය කිරීමට සහය ලබාදීමටද ඒ මහතා කැමැත්ත පළ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya