මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණය හා මාධ්‍ය මත රටක් ඉදිරියට යයි

    ජූනි 16, 2015
    විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණය හා මාධ්‍ය ආයතන හතර මත රටක් ඉදිරියට ගමන් කරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
     
    මාධ්‍ය ලේකම්වරුන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කතිකාවකදී අමාත්‍යවරයා අද (16) මේ බව සඳහන් කළේය.
     
    ආණ්ඩුවක් බිහි කිරීමේදී සහ මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් යහපත් අයහපත් ලෙස එය සිදු විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පේනවා දුන්නේය.
     
    දේශපාලඥයෙකුට මාධ්‍ය ඉතා වැදගත් වන අතර දේශපාඥයෙකුගේ එක් ඡායාරූපයකින් විශාල මතයක් ඇති කිරීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ආණ්ඩුව හා දේශපාලඥයා රැක ගැනීමේ විශාල වගකීමක් මාධ්‍ය ලේකම්වරුන් වෙත පැවරී තිබෙන බව සඳහන් කළේය.
     
    පුවත්පත්, රූපවාහිනිය, ගුවන් විදුලිය සහ සමාජ වෙබ් අඩවි හරහා ජනතාව තොරතුරු දැන ගැනීමට යොමු වී සිටින අතර මෙම සෑම මාධ්‍යයක් ඔස්සේ ම ජනතාවට තොරතුරු ලබාදීමට කටයුතු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya