මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවිධිමත් ගණුදෙනු සම්බන්ධව පැමිණිලි කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයට යෑමට සූදානම්

    ජූනි 16, 2015
    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය රජය සමයේදී අවිධිමත් ආකාරයෙන් සිදුවූ ගණුදෙනු සම්බන්ධව ඉදිරියේදී මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට සූදනම් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. 
     
    අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, පසුගිය (14) දින බලංගොඩ ප‍්‍රදේශයේදී පැවති ජනහමුවකට එක්වෙමිනි.
     
    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේදී විවිධ නාස්තිකාර හා ව්‍යාජ ගණුදෙණු සිදුවී ඇති බව සඳහන් කළ අමාත්‍යවරිය, විශේෂයෙන් ව්‍යාජ තොරතුරු සපයමින් ආණ්ඩුවේ ප‍්‍රබල කාන්තාවන්ගේ ගිණුම්වලට මුදල් ලබාදී ඇති බව ද පැවසී ය. 
     
    මෙහිදී අලූත් රජය භාරගැනීමත් සමඟ කාර්යාංශයේ ගණුදෙනු, ගෙවීම සම්බන්ධව පත්කළ විශේෂ විමර්ශන ඒකකය හරහා මෙම තොරතුරු ලැබුණු බවත් ඒ අනුව මෙම තොරතුරු සැළකිල්ලට ගෙන විගණකාධිපතිවරයා මේ පිළිබඳව ලබාදුන් තොරතුරු අනුව විගණකාධිපති විමර්ශනයේදී ඉදිරියේදී ලැබෙන තොරතුරු අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශයට යාමට සූදානම් බව පැවසී ය.
     
    පසුගිය රජය රාජපක්‍ෂ පාලනය යටතේ මෙවැනි නාස්තිකාර වියදම් අලූත් ආණ්ඩුවෙන් සිදු නොවීමට වගබලාගන්නා බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
     
     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya