ඒ අනුව 2015 වර්ෂයේ ජනවාරි 01දින සිට දෙසැම්බර් 31දක්වා වේදිකාගත කළ හෝ වේදිකාගත කිරීමට නියමිත ස්වතන්ත්‍ර / පරිවර්තන/ අනුවර්තන නාට්‍ය මෙම උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබයි. සියලු ම අයඳුම්කරුවන් රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් විසින් නිකුත් කරනු ලබන අතර අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර නාට්‍යයේ පිටපතක් සමඟ ජුනි 30වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. සිංහල හා දෙමළ භාෂා දෙකෙන් ම මේ සඳහා නාට්‍ය ඉදිරිපත් කළ හැකිය.
අයඳුම්පත් ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතු වන අතර ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර "රාජ්‍ය නාට්‍ය උළෙල - 2016" යනුවෙන් සඳහන් කළ යුතුය.
දිවයින පුරා ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම සංස්කෘතික නිලධාරී මගින් අදාළ අයඳුම්පත් හා ව්‍යවස්ථාව ලබාගත හැකිය. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු 0112 872 385 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
DB