මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    59 වන සේනාංකයෙන් සහ 591 බල සේනාවෙන් කුඩා ළමුන් වෙත නත්තල් ත්‍යාග

    ජනවාරි 05, 2015

    උත්සව සමය මෙන්ම නත්තල වෙනුවෙන් පසුගිය සතියේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූණි.


    59 වන සේනාංකය සහ 591 බලසේනාව විසින් නත්තල් දින මධ්‍යම රාත්‍රියේ මුලතිව් පල්ලියේ සිදු කළ දේවමෙහෙය සඳහා සහභාගී වූ ළමුන් හා මුලතිව් නගරය අවට ළමුන් වෙත ත්‍යාග පාර්සල් 1,050ක් බෙදා දෙන ලදී.

    මෙයට සමගාමීව 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබළුන් විසින් සෙල්වපුරම් ශාන්ත ජූඩ් දේවස්ථානයේ පැවැත් වූ දේවමෙහෙය සඳහා සහභාගී වූ බැතිමතුන් 500 දෙනෙකු වෙත කිරි කෝපි දන්සලක් පැවැත්වීම මෙන්ම නත්තල් ගසක් නිර්මාණය කිරීම ද කරන ලද අතර නත්තල් සීයලා 05 දෙනෙකු විසින් දේවමෙහෙයට සහභාගී වූ දරුවන් සහ ප්‍රදේශයේ නිවෙස් වෙත ගොස් එම දරුවන් වෙත ද ත්‍යාග පාර්සල් 985ක් ද බෙදා දෙන ලදී.

    අලම්පිල් ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමිය පිරිසිදු කර අලංකාර නත්තල් ගසක් ඉදිකිරීම මෙන්ම දේවමෙහෙය සඳහා සහභාගී වූ බැතිමතුන් හට කිරි කෝපි දන්සලක් පැවැත්විම සිදු කරන ලද්දේ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබළුන් විසිනි.

    නත්තල් සීයලා 05 දෙනෙකු අලම්පිල් ප්‍රදේශයේ නිවෙස් වෙත ගොස් කුඩා ළමුන් වෙත ත්‍යාග පාර්සල් 1,087ක් බෙදා දී ම ද සිදු කර තිබුණි.

    5 වන (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් ආරුමුත්තුකුලම් ගම්මානයේ පාසල් ළමුන් 70 දෙනෙකු සඳහා පාසල් උපකරණ මෙන්ම ත්‍යාග පාර්සල් බෙදා දී දුන් අතර ආරුමුත්තුකුලම් විදුහල වෙත ලෝක ගෝල 02ක් හා වයිට් බෝඩ් පිරිනැමීම ද සිදු කෙරිණි.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya