ඉදිරියේදී වතුරෝහල් සම්බන්ධයෙන් විශේෂ අවධානය

ඉදිරියේදී වතුරෝහල් සම්බන්ධයෙන් විශේෂ අවධානය
  • SocialShare:

ඉදිරියේදී වතුරෝහල් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරන බවත්,  වතු රෝහල්වලට පහසුකම් සහ අදාළ කාර්යමණ්ඩලය සැපයීම සම්බන්ධයෙන් කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.  අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවර අයවැයේදී වතු ජනතාවගේ දෛනික වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනපතිවරයා සිය විශේෂ අවධානය යොමුකළ බවත්,  වතු සමාගම් සමඟ වෙන් වෙන් වශයෙන් සාකච්ඡාකිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

වැටුප් පමණක් නොවෙයි , වතු සමාගම්වල තිබෙන සෞඛ්‍ය පහසුකම් , දරුවන්ගේ අධ්‍යාපනය , රැකී රක්ෂා සුරක්ෂිත භාවය පිළීබඳ අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා. වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන්   සෑම අමාත්‍යංශයක්ම මේ වන විට යම් යම් පියවරයන් අනුගමනය කර තිබෙනවා. වතු රෝහල්වලට  අවශ්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩලය සැපයීම සම්බන්ධයෙන්,  සෞඛ්‍ය අමාතයංශය කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී වතු රොහල් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.