රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් පිරවීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 5,882ක් පිරවීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යාවශ්‍යයෙන්ම් සිදුකළ යුතු බඳවාගැනීම් 5,882ක් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරී අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වී තිබේ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේක්ම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම  පිණිස 2024.12.30 පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 

ඒ් අනුව කමිටුව විසින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගෙන පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි  වී තිබේ . ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයට 22ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට 303ක් ආදී ලෙස මුළු පුරප්පාඩු සංඛාව 5,882ක් වෙනුවෙන් මෙම කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.