අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තම රජය එක සමාගමක් මත යැපීමට සුදානම් නොමැති බවත් අදානි සමාගම අප රටට ගැලපෙන ආයෝජන සහ ගාස්තු සංශෝධන සිදු කිරීමට එකඟතාවය ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම නිශ්චිත සුළං විදුලි බල ව්‍යාපෘති සම්බන්ධයෙන් සහ එහි ගාස්තු සම්බන්ධව රජයට අදහසක් ඇති බවත්, ආදානි සමාගම ලබා දුන් ගාස්තු ඉහළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අදානි සමාගම ඉන්දියාවේ ලබා දෙන ආයෝජන මුදලට සාපේක්ෂව යම් සාධාරණයක් කරනවා නම් ඒ සම්බන්ධව කටයුතු කළ හැකි බවද පැවසීය.
රජය ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ රටට සහ ජනතාවට වෙන වාසිය සිතා බලා බවත්, ඒ බර ජනතාව මත පටවන්නට සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.