ගංගාරාම විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුව බුද්ධ රශ්මී වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර එම ආරම්භය ඉතා උත්කර්ශවත් මල්වෙඩි සංදර්ශනයකින් සමන්විත විය.
මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය ෆයිසා මුස්තාපා, අමාත්‍ය දයා ගමගේ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.