අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය - සර්වඥ ධාතූන්වහන්සේ දිවයිනට වැඩමකරති

    අප්‍රේල් 29, 2018

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනය අරලියගහ මන්දිරයේදී අප්‍රේල් 29 වන දින සිට මැයි මස 02 වන දින දක්වා පැවැත්වේ.

    බුද්ධ රශ්මි වෙසක් කලාපයේ මහජනයාට ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් වැඩම කරන ලද සර්වඥධාතූන් වහන්සේලා සහ නේපාලයේ සිට ගෙන්වනු ලැබූ කෞතුක වස්තු 2018.04.28 (ඊයේ) දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් (VVIP) ශ්‍රී ලංකාවට වැඩම කළහ.

    ශ්‍රී ලංකාවට වැඩම කළ පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා කතානායක කරූ ජයසූරිය, බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මැති ඇමතිවරුන්, ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු ප්‍රභූ ආරාධිතයින් විසින් පිළිගනු ලැබීය.

    මේ අවස්ථාවට ගංගාරාම විහාරාධිපති පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ ඇතුළු අතිපූජ්‍ය මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායකමහතාද සහභාගී වූහ.

    එල්.පී.තිලකරත්න
    අංශ ප්‍රධානී (ප්‍රචාරක)
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya