අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවෘත්ති නිවේදනය- වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීම

    අප්‍රේල් 29, 2018

     

    වෙසක් උත්සවය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2018.04.30 (හෙට)  දින මරදාන සිට දකුණු කළුතර දක්වා පෙ.ව.04.30 ට සහ පෙ.ව. 07.40 ට විශේෂ දුම්රිය දෙකක් සහ පෙ.ව.01.00 ට මරදාන සිට අළුත්ගම දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරේ.

    තවද පෙ.ව.06.30 ට සහ ප.ව.03.20 ට දකුණු කළුතර සිට මරදාන දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිත අතර පෙ.ව.09.20 ට දකුණු කළුතර සිට වේයන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

    මීට අමතරව ප.ව.12.25 ට වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වාත්, රාත්‍රී 08.30 ට අළුත්ගම සිට මරදාන දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට නියමිතයි.

    එමෙන්ම ප.ව.06.50 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියකුත්, පෙ.ව.01.00 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා එක් දුම්රියක් සහ රඹුක්කන දක්වා එක් දුම්රියක් වශයෙන් විශේෂ දුම්රිය තුනක් ධාවනය කෙරේ.

    මීට අමතරව මැයි මස 01 වන දින ක්‍රියාත්මක කෙරෙන විශේෂ දුම්රිය සැලසුමට අනුව පෙ.ව.01.00ට මරදාන සිට අළුත්ගම දක්වාත්, කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.

     

     

     

    නීතිඥ සුදර්ශන ගුණවර්ධන
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya