මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලතුරු ක්ෂේත‍්‍රයේ නවෝදය - වීරපාන ගොවිපොළ

    ජූලි 04, 2014

    මේ වන විට ශී‍්‍ර ලංකාවේ ඉඩම් හෙක්ටයාර් 150,000ක් පමණ වූ මුළු පලතුරු වගා වපසරියේ සුලබ පලතුරු විශේෂ 50ක් පමණ දක්නට ලැබෙන අතර ඒවා ඉතා ඉක්මනින් මෙරට ආර්ථික සමෘද්ධියට දායක කර ගැනීමට පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් තිබේ.

    images 2මේ යටතේ නවතම උසස් ආරයේ පලතුරු ප‍්‍රභේද නිපදවීම, ඒවායේ පැළ සුලබ කිරීම, පලතුරුවල ගුණත්වය වැඩි කිරීම, විශාල පලතුරු ගස් කප්පාදු කර ඵලදායිතාව වැඩි කිරීම, පලතුරු වාරය දික් කිරීම, පලතුරු පරිභෝජනය වැඩි කිරීම, පලතුරු ආශි‍්‍රත කර්මාන්ත ප‍්‍රවර්ධනය සමඟ සේවාවන් වැඩි කිරීම වැනි කි‍්‍රයාමාර්ග මේ යටතේ කි‍්‍රයාත්මක වේ. download 10

    වීරපාන පලතුරු පර්යේෂණ ගොවිපොළ පාදක කරගනිමින් පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන් පසුගිය ජූනි සිට ලබන දෙසැම්බර් දක්වා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබේ. 

    දකුණු පළාතේ වීරපාන ප‍්‍රදේශයේ  පිහිටා ඇති පලතුරු පර්යේෂණ ගොවිපොළ හෙක්ටයාර් 29.2ක භූමි ප‍්‍රමාණයක් පුරා පැතිරී පවතී. මාතර දිස්ති‍්‍රක්කයත් ගාල්ල දිස්ති‍්‍රක්කයත් වෙන් කෙරෙන පරිපාලන මායිම දැක්වෙන හුලන්දා ඔය මෙම ගොවිපොළ මැදින් ගලා යන අතර භූමිය දෙකට බෙදී ගොවිපොළ පරිපාලනය දිස්ති‍්‍රක්ක දෙකටම අයත් වීම සුවිශේෂී කරුණකි. වීරපාන ගොවිපොළෙහි වසර 25කට වඩා පැරණි රඹුටන් වගාව තුළ ඇති උසස් ප‍්‍රභේද මෙන්ම ප‍්‍රභේදවල විවිධත්වය පර්යේෂකයන්ට පර්යේෂණ සඳහා අවශ්‍ය පහසුකම්වලින් සමන්විත වේ. 

    මෙම ගොවිපොළ තුළ නවතම දූරියන් උයන් වතු පිහිටුවා ඇති අතර ඒවායේ උස පාලනය කරමින් නව දූරියන් ආදර්ශන බවට පත්කර තිබේ. දූරියන්වල ඵලදායිතාව නැංවීමේ පර්යේෂණ සඳහා මෙම උයන් සුදුසු පර්යේෂණාගාරයකි. කළුතර මැංගුස් රසයට නොදෙවෙනි රසයෙන් යුත් මැංගුස් වගාවක් ද මෙහිදී දක්නට ලැබේ.  

    download 11මෙරට උද්‍යාන විද්‍යා ක්ෂේත‍්‍රයේ වාර්තාවක් තබමින් ශී‍්‍ර ලංකාවේ පළමු ගොරකා ප‍්‍රභේදය ජාතියට දායාද කර දීමට වීරපාන පලතුරු පර්යේෂණ ගොවිපොළ සමත් විය. ඖෂධීය ගුණවලින් අනූන වීරපාන ගොරකා ප‍්‍රභේදයේ බීජ දක්නට නොමැති අතර මදය 95%කට වැඩි නිසා ආර්ථික වශයෙන් වඩාත් වාසිදායකය. අඹ, ජමනාරං, අලිගැට පේර, ජම්බු, උගුරැස්ස, කටු අනෝදා, පැණි දොඩම්, ගඩුගුඩා, පේර ආදී සියලුම පලතුරු බෝග මෙම ගොවිපොළේ දී දැකගත හැකිය. වීරපාන ගොවිපොළ පලතුරු ලෝලීන්ගේ පාරාදීසයක් පමණක් නොව ආකර්ෂණීය කුරුල්ලන්ගේ ද පාරාදීසයකි. එම නිසා පාරිසරික වශයෙන් ද වීරපාන ගොවිපොළ ඉතා වැදගත් වේ. 

    මෙම ගොවිපොළේ ඇති පලබර ගස්වලින් අංකුර ලබාගෙන නිපද වූ උසස්, ගුණාත්මක තත්ත්වයෙන් යුත් පලතුරු බද්ධ පැළ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව උදාවී තිබේ. උසස් පලතුරු බෝගවල වැඩිදියුණු කළ ප‍්‍රභේද, ඒවායේ පැළ නිපදවන ක‍්‍රම, තවාන් පාලන ක‍්‍රම, ලාභදායීව පලතුරු උයන් නඩත්තු කිරීම, පලතුරු ගස්වල අස්වැන්න වැඩි කිරීම, මල්ඵල හටනොගන්නා පලතුරු ගස්වලින් අස්වැන්න ලබා ගැනීම, අවාරයට ඵල download 13හටගැන්වීම, පලතුරු වාරය දික් කිරීම, ගෙඩිවල ඉදීම ප‍්‍රමාද කර ගස මතම රඳවා තබා ගැනීම, ගස් කප්පාදු කිරීමේ පුහුණුව, රෝග සහ පළිබෝධ පාලනය, ශාක පෝෂණය හා ජලය සැපයීම, පලතුරු කල් තබා ගැනීම හා ඒවායේ විවිධ ආහාර නිපදවීම ඇතුළු ඕනෑම තාක්ෂණික පුහුණුවක් ලබා දීමට ද වීරපාන ගොවිපළ සූදානමින් සිටී. මෙම පුහුණු පාඨමාලා න්‍යායාත්මක සහ ප‍්‍රයෝගික අංශවලින් සමන්විත වන අතර මේ තුළින් පලතුරු වගාකිරීම සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා ගැනීමට හැකියාව ලැබේ.download 12

    දේශීය කෘෂි සංචාරක ක්ෂේත‍්‍රයේ සන්ධිස්ථානයක් ලෙසින් ද වීරපාන පලතුරු පර්යේෂණ ගොවිපොළ ඉදිරියේ දී වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. පලතුරු ක්ෂේත‍්‍රයේ නවෝදයක් ඇති කරමින් වීරපාන පලතුරු පර්යේෂණ ගොවිපොළ 2014 ගොවි සතියට සමගාමීව ප‍්‍රවර්ධනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. 

     

    නිරංජලා හේරත්/ කෘෂිකර්ම අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya