අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    SMART ශී‍්‍ර ලංකාවකට විදුලි සන්දේශ යටිතල පහසුකම්

    ජූලි 01, 2014

    SMART ශී‍්‍ර ලංකා සංකල්පය මල්ඵල ගැන්වීම සඳහා ICT යටිතල පහසුකම් සියලු ම කි‍්‍රයාකරුවන් අතර පොදුවේ භාවිත කිරීමේ අවශ්‍යතාව ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම අවධාරණය කරයි.


    ගෝලීය ආදර්ශවලට අනුව රටක බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාප්තියේ 10%ක වර්ධනය දළ දේශීය නිෂ්පාදනයේ 1.38%ක වර්ධනයකි. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම එම ගෝලීය ආදර්ශ ඉලක්ක කරගෙන රටේ ආර්ථික සංවර්ධනය කඩිනම් කිරීම සඳහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සංවර්ධන අරමුණු ඉෂ්ට කරමින් අඛණ්ඩව ඉදිරියට යන බව අවධාරණය කර සිටී.

    ශක්තිමත්, විශ්වාසනීය, දිවයින පුරා ව්‍යාප්ත වූ බෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් සහ ගෝලීය සබඳතා, සන්නිවේදන ක්ෂේත්‍රයේ මෙන්ම රටේ ආර්ථිකයේ සහ ව්‍යාපාරයන්හි කාර්යක්‍ෂම කි‍්‍රයාකාරිත්වයට සහ වර්ධිත දියුණුවට අත්‍යවශ්‍යයෙන් බලපාන ප‍්‍රධානත ම සාධකයකි. වසර 150ක කාලය මුළුල්ලේ විදුලි සන්දේශ ක්‍ෂෙත‍්‍රයේ පුරෝගාමියා වශයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනය මෙම ක්‍ෂෙත‍්‍රයේ සංවර්ධනය උදෙසා විශාල ආයෝජන යොදවා ඇත. රටේ විදුලි සන්දේශ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා පමණක් ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම 2007 වසරේ සිට රුපියල් බිලියන 57ක් හෙවත් ඇ.ඩො. මිලියන 485ක් ආයෝජනය කර ඇත.



    රජයේ ආර්ථික සැලැස්ම අනුව සියලු ම විදුලි සන්දේශ කි‍්‍රයාකරුවනට පිරිවැය ඉතිරි කරගැනිම තුළින් වාසි අත්කරගැනීමට හැකිවන පරිදි ඔවුන් දිරිගන්වමින් ප‍්‍රධාන විදුලි සන්දේශ යටිතල පහසුකම් ජාලය (NBN-National Bachbone Networke)  ස්ථාපනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම විශාල ආයෝජනයක් සිදුකර ඇත.

    අද සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ සංවර්ධනය පිළිබඳ අදහස් පළ කරන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත්ද සිල්වා මහතා පවසන්නේ "රටේ ආර්ථික ඉලක්ක ළඟාකර ගැනීම සඳහා සන්නිවේදන සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් සියලු ම කි‍්‍රයාකරුවන් අතර පොදුවේ භාවිත කිරීමේ අවශ්‍යතාව ජාතික විදුලි සන්දේශ සේවා කි‍්‍රයාකරු වශයෙන් සමාගම තදින්ම විශ්වාස කරන බවයි.

    සන්නිවේදන සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් පොදුවේ භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතා  ප‍්‍රකාශ කර සිටියේ "අපගේ ආයතනික ක‍්‍රමෝපාය ප‍්‍රතිපත්ති ශක්තිමත් කරන්නේ ඩිජිටල් ආර්ථිකයක් සහ ස්මාර්ට් ශී‍්‍ර ලංකාවක් යන රජයේ දැක්ම අනුවයි. මුල සිටම අප විශ්වාසනීය භාවයේ සහ ගුණාත්මක භාවයේ ඉහළ ම ප‍්‍රමිතීන් සහතික වෙමින් ගෝලීය සබඳතා සඳහා ජාතික විදුලි සන්දේශ යටිතල පහසුකම් ජාලය, විදුලි සන්දේශ කුලුනු, දත්ත මධ්‍යස්ථාන, ක්ලවුඩ් සේවා සහ ගොඩනැගිලි අවකාශ ආදී යටිතල පහසුකම් මෙන්ම තොග විකුණුම් ව්‍යාපාර ඒකකය යටතේ ඇති තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් ආදිය අනෙකුත් සේවා සැපයුම්කරුවන් සහ කි‍්‍රයාකරුවන් සමඟ බෙදා හදා ගන්නවා. එසේම දිවයිනපුරා විසිරි තිබෙන ප‍්‍රමුඛ පෙළේ රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශාල ව්‍යාපාර මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර, තම සමාගමේ සන්නිවේදන ජාලය මගින් උපරිම ඵල නෙලා ගැනීම සඳහා අපගේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සම්පත් උපයෝගි කර ගැනීම පිළිබඳව අප ආඩම්බර වෙනවා. ජාතික විදුලි සන්දේශ යටිතල පහසුකම් ජාලය (NBN) මගින් ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය (Lanka Government Network -LGN) මගින් ආර්ථික බලගැන්වීම සහතික කිරීමත් සියලු විද්‍යුත් යෙදවුම් (e-Applications) සමඟ සම්බන්ධ කිරීමත් සඳහා ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම ප‍්‍රධාන වශයෙන්ම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් කෙරෙහි අවධානය යොමු කරනවා.

    ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඕනෑ ම විදුලි සන්දේශ ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාකරුවෙකුට මෙන්ම වෙනත් ආයතන වලටද බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හෝ ඕනෑ ම වර්ගයක තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් විසඳූම් සැපයීමටත් අප නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.

    ගෝලීය සබඳතා තුළින් අද ශී‍්‍ර ලංකාවට ලොව ඕනෑ ම රටක, ඕනෑ ම සන්නිවේදන පහසුකමකට ප‍්‍රවේශ වීමට හැකියාව ලැබී ඇත. ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම අනාගතයෙහි ඇති විය හැකි දත්ත ඉල්ලුම කෙරෙහි අවධානය යොමුකර ශී‍්‍ර ලාංකික ජනතාවට යෝධ ධාරිතාවක් සැපයිය හැකිවන පරිදි ජාතික ෆයිබර් ඔප්ටික් යටිතල පහසුකම් ජාලය ව්‍යාප්ත කරමින් හා තත්පරයට ගිගා බයිට්100 අති නවීන තාක්‍ෂණය යොදා ගනීමෙන් පවත්නා සී-මී-වී-4 සංදාම පද්ධතිය වැඩි දියුණුකර තත්පරයට ටෙරා බට්ස් 24 ඉක්මවා යන වේගයෙන් අනාගත ගෝලීය සබඳතා සැපයීමට හැකිවන පරිදි සී-මී-වී-5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය සඳහා ආයෝජන කිරීමට පියවර ගෙන ඇත. 2016 වර්ෂයේ සිට ආරම්භ කිරීමට නියමිත සී-මී-වී-5 නව මුහුදු සංදාම ව්‍යාපෘතිය කි‍්‍රයාත්ම කල විට සංදාම ආරම්භක ස්ථානය වන සිංගප්පූරුවේ සිට පර්යන්ත ස්ථානය වන ප‍්‍රංශය දක්වා මිලි තත්ත්පර 90ටත් අඩු විදුලි වේගයෙන් විදුලි සන්දේශ ට‍්‍රැෆික් හැසිරවීමේ හැකියාවක් පවතී. ආරම්භයේ සිටම අග්නිදිග ආසියා, මැද පෙරදිග හා බටහිර යුරෝපා මුහුදු සංදාම ව්‍යාපෘති සුසංධානයේ හවුල්කරුවකු වන ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම සී-මී-වී-3 සහ 4 ව්‍යාපෘති හරහා මෙන්ම ඉන්දියාවට සහ මාල දිවයිනට සම්බන්ධ තවත් පෞද්ගලික සංදාම ව්‍යාපෘති දෙකක් මගින් ගෝලීය සබඳතා සපයනු ලැබේ. මෙම ව්‍යාපෘතියත් සමඟ ශී‍්‍ර ලංකාවට සංදාම ගොඩ බැස්සවීමේ පූර්ණ තත්ත්වය ( full landing) මෙන්ම ( double landing)තත්ත්වයද ලබාදී ඇති අතර සී-මී-වී-5 නව මුහුදු සංදාම ගොඩ බැස්සවීමේ ස්ථානය මාතර පිහිටුවා ඇත.

    ස්මාර්ට් ශී‍්‍ර ලංකාවක් නිර්මාණය කිරීමෙහිලා ගමන්මග කඩිනම් කරනු වස් විදුලි සන්දේශ යටිතල පහසුකම් ගොඩ නැගීම සඳහා රජය ශී‍්‍ර ලංකා ටෙලිකොම් කෙරෙහි විශ්වාසය තබා ඇත. ඒ අනුව රජය විසින් 2013 වර්ෂයේදී ජාතික විදුලි සන්දේශ යටිතල පහසුකම් ජාලසේවා සැපයුම්කරු බලපත‍්‍රය ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගමට ප‍්‍රදානය කර තිබේ. බලපත‍්‍ර ගිවිසුමට අනුව යමින් සමාගම යෝධ ජාල නවීකරණ සහ ව්‍යාප්ත කිරීමේ වැඩ සටහන් ආරම්භ කර ඇත. දැනට උතුරු නැගෙනහිර සහ ග‍්‍රාමීය ප‍්‍රදේශද ඇතුලුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශ ආවරණය කර ඇති සමාගමේ ෆයිබර් ඔප්ටික් සම්පේ‍්‍රෂණ ජාලය දිවයිනපුරා ව්‍යාප්ත කිරීම පුළුල් කාර්ය භාරයකි. රාජ්‍ය අංශයේ සන්නිවේදන කර්තව්‍යයන් ශක්තිමත්කර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල 329 එකිනෙකට සම්බන්ධ කරමින් ස්ථායී ජාතික ප‍්‍රගතියක් ඇති කිරීමට ජාතික විදුලි සන්දේශ යටිතල පහසුකම් ජාලය උපකාරිවේ. එය මෙරට සියලු ම විදුලි සන්දේශ කි‍්‍රයාකරුවනට බාධාරහිත අධිවේගී සබඳතා සඳහා පහසුකම් සලසයි.

    ADSL2+, VDSL2 ෆයිබර් ඔප්ටික්, කැරියර් ගේ‍්‍රඩ් wifi සහ ස්ථාවර මෙන්ම ජංගම 4G LTE තාක්‍ෂණය ඔස්සේ NGN, NBN ජාල තුළින් බ්‍රෝඩ්බෑන්ඩ් ප‍්‍රවේශ තාක්‍ෂණය ව්‍යාප්ත කිරීම ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ එක් ක‍්‍රමෝපායික අරමුණකි. අනාගතය අවධාරණය කෙරෙන ආයෝජන සහතික කරමින් පාරිභෝගික අත් දැකීම් වර්ධනය කරනු පිණිස ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම දිගින් දිගටම ADSL2+, VDSL2 ස්ථාවර 4G LTE සහ FTTH සේවා දිගින් දිගටම වර්ධනය කරනු ඇත.

     

    එනූෂා බණ්ඩාර/ශ්‍රී ලංකා ටෙලිකොම්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya