මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය, පසුගිය දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහි දී ඉදිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධ ව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා ගැනීම පිළිබඳ ව ද සාකච්ඡා කළා ය.
එමෙන් ම විශ්වවිද්‍යාලයීය පර්යේෂණ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කෙරිණ.