මෙරට වරින්වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අරමුණු කර පුහුණු මානව සම්පත් වර්ධනය කිරීමට ද පියවර ගනිමින් සිටී.
ඊට අදාළව කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන මෙතෙක් දීර්ඝ කාලයක් සේවය කළ ඩෙංගු මර්දන සහයකයින් ස්ථීර තනතුරට බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය 26 - 27 දෙදින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුව මගින් ලබා දී ඇති අනුමැතිය අනුව ඩෙංගු මර්දන සහයකයින් ලෙස 671 දෙනෙකු ස්ථීර සේවයට බඳවා ගැනීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ අතර ඒ සදහා 660 කට අධික අයදුම්කරුවන් පිරිසක් සහභාගි වී සිටියහ.
2017 – 2018 වර්ෂයන්හි කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගත් මෙම සේවක මහතුන් කොන්ත්‍රාත් කාලය වරින් වර දීර්ඝ කරමින් මේ දක්වා සේවාවන් ලබා ගෙන ඇත.
සුදුසුකම් සපුරන අයදුම්කරුවන්හට ඉදිරි මස ඇතුළත ස්ථීර පත්වීම් ලබා දීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේවන විටත් සැලසුම් කර ඇත.