අමරදේව අසපුවේ ඉදිකිරීම් මෙම වසරේ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය

අමරදේව අසපුවේ  ඉදිකිරීම් මෙම  වසරේ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේ අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.


ව්‍යාපෘතියේ සියලු වැඩ මෙම වර්ෂය තුළ අවසන් කිරීමට හැකි වන පරිදි රුපියල් මිලියන 113.17 ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල්සෙනෙවි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සිදු කරන ලද අනභිභවනීය ජාතික මෙහෙවර කෘතවේදීව අගයනු පිණිස 2017 වසරේදී ඉදිරිපත් වූ විශේෂ අයවැය යෝජනාවක් පරිදි අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීම් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. ඉදිකිරීම් කටයුතු ආරම්භ කර මේ වන විට වසර 09 ක පමණ කාලයක් ගත වී ඇති නමුත්, මෙතෙක් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකි වී නොමැති අතර, අදාළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සහ අත්‍යවශ්‍ය කාර්යාලීය උපකරණ මිල දී ගැනීමට අවශ්‍ය රුපියල් මිලියන 226.18 ක ප්‍රතිපාදන 2025 වර්ෂයේදී මහා භාණ්ඩාගාරය විසින් සලසා දී ඇති නමුත්, එම ප්‍රතිපාදන වලින් 2025 වර්ෂය තුළ රුපියල් මිලියන 141.54 ක් පමණක් වැය වී තිබේ.