ගල්අඟුරුවල ප්‍රමිතියේ ප්‍රශ්නය කිසිසේත්ම ජනතාව මත පැටවීමක් සිදු නොකරන බව තමා කිහිපවරක් ප්‍රකාශ කළ බවද ජනාධිපතිවරයා සහ මහජන උපයෝගීතා කොමිසමද ඒ පිළිබඳව පවසා ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එම බර ජනතාව මත නොපටවන බවද යම්කිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැවක් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ක්‍රියාවලියක් ඇතැයිද රජය එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
අතීතයේ ක්‍රියාත්මක වී නැතැයිද දඩ ගසා නැතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා රඳවා ගත් ඩොලර් ප්‍රමාණයක් ඇතැයිද දඩ මුදල් ප්‍රමාණවත් නොවේ නම් එය සමාගම් වලින් අයකර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග වලට යන බවද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපති කොමිසමක් පත්කළ බවද එහිදී මැයි 22 දක්වා ඒ සදහා අවස්ථාව ලබාදුන් බවද සිහිපත් කළ අමාත්‍යවරයා එය පූර්ණ බලැති කොමිසමක් බවද කොමිසම මගින් තීන්දු ගන්නා බවද සදහන් කළේය.


