කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමතිය හිමි වී තිබේ.
එම මාර්ග කොටස්වල ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම, පැකේජ 02 ක් වශයෙන් රුපියල් මිලියන 1,098.50 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් තෝරා ගනු ලබන කොන්ත්‍රාත්කරුවන් මඟින් ඉටු කරවා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝක කරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝක කරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී.
එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝක කරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය සැලකිල්ලට ගෙන, පෑලියගොඩ, කෙරවළපිටිය, සීදුව සහ ජා ඇල යන අන්තර් හුවමාරු ප්‍රදේශ මෙන්ම නව කැලණි පාලම සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ දක්වා සහ සීදුව සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ දක්වා නිදහස් මාර්ග කොටස් පමණක් ප්‍රථම අදියර වශයෙන් ආලෝකකරණය කිරීමට සැලසුම් කර ඇත.


