ප්‍රංශ සෙනෙට් සභාවේ ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික Vanina Paoli-Gagin මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා(23) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වී, ප්‍රංශ–ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වයගේම අවධානය යොමු විය. ආර්ථික, සංචාරක, අධ්‍යාපන සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
එමෙන්ම, දෙරට අතර නව සහයෝගිතා අවස්ථා සොයාබැලීමත්, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දිගුකාලීන හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයාමත් පිළිබඳවද සාකච්ඡා පැවැත්වුණි.


