2026 උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන්

2026 උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන්
  • SocialShare:

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කර ඇති බවයි.

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ, අද මධ්‍යම රාත්‍රියෙන් පසු අයදුම්පත් භාර ගැනීම සම්පූර්ණයෙන් වසා දැමෙන අතර කිසිදු හේතුවක් මත කාලය දීර්ඝ නොකරන බවයි.

අයදුම්කරුවන්ට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0112 785 922, 0112 784 208 සහ 0112 784 537 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකි අතර This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
යන විද්‍යුත් ලිපිනය මගින්ද තොරතුරු ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.