දළදා මාළිගාව අභියසින් තෙවැනි දිනට සාම පාගමන ආරම්භ වේ

දළදා මාළිගාව අභියසින් තෙවැනි දිනට සාම පාගමන ආරම්භ වේ
  • SocialShare:

ලෝක සාම පා ගමනේ තෙවැනි දිනය අදයි.

පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීනක්වහන්සේලා ඊයේ පස්වරුවේ මහනුවරට ළඟා වූ අතර අද ( 24) දළදා මාළිගාව අභීයසින් පා ගමන තෙවැනි දිනට ආරම්භ කෙරිණි.
දළදා මාළිගයෙන් ආරම්භ කළ පා ගමන , පේරාදෙණිය , පිළිමතලාව , කඩුගන්නාව , මාවන්න , බෙලිගම්මන , හරහා විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයට ළඟා වීමට නියමිත වේ.
එසේම සාම පා ගමන හෙට (25) මාවනැල්ල , බෙලිගම්මන , විද්‍යාවර්ධන පොත්ගුල් විහාරය , කුඩුගාල හන්දිය , කෑගල්ල , ගලිගමුව ඔස්සේ තෝලංගමුව ජාතික පාසලට පැමිණේ.
තෙවැනි දිනයේ ආරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී විය.