මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු බොර තෙල් රැගත් පළමු නෞකාව අද (17) කොළඹ වරායට පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජජ්‍යෙය් සිට පැමිණි ඉන්දියානු නැව් සංස්ථාවට අයත් දේශ්මහිමා (DESH MAHIMA) නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් අනූ හත්දාස් පන්සීයක තොගයක් මෙරටට රැගෙන විත් තිබේ.
එම බොරතෙල් තොගය මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය වෙත සම්ප්‍රේෂණය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


