"ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ආණ්ඩුවට හෝ ජනතාවට කිසිදු පාඩුවක් සිදුවී නැහැ" - ඇමති බිමල් රත්නායක

"ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ආණ්ඩුවට හෝ ජනතාවට කිසිදු පාඩුවක් සිදුවී නැහැ" - ඇමති බිමල් රත්නායක
  • SocialShare:

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ආණ්ඩුවට හෝ ජනතාවට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් එම පාඩුව දැරීමට සිදුවන්නේ ගල් අඟුරු ආනයනය කළ සමාගමට බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත් බිමල් රත්නායක මහතා පවසයි.

අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විට ගල් අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න ප්‍රමාණයක් රජය රඳවාගෙන සිටින බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

නැතිවූ බලශක්ති ප්‍රමාණය හේතුවෙන් මිලියන 8000ක පාඩුවක් විය හැකි බවට ගණනය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පිහිටවූ විශේෂ කොමිෂන් සභාවට  පත් කර ඇත්තේ සේවයේ නියුතු විනිශ්චකාරවරු බවත් එයින් විශ්වාසනීයභාවය තහවුරු වන බවත් ඔහු සඳහන් කළේය.

ආනයනය කළ ගල් අඟුරුවල උපදින බලශක්තියේ අඩුවක් දක්නට ඇති බවත් මෙයින් සිදුවන පාඩුව විදුලි බිල වැඩි කිරීමෙන් පියවා ගැනීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවත් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණ කර ඇති බවද හෙතෙම පැවසීය.