බොරතෙල් මිලදී ගත්තේ නිසි මිල ගණන්වලටයි - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා

බොරතෙල් මිලදී ගත්තේ නිසි මිල ගණන්වලටයි - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා
  • SocialShare:

රජය බොර තෙල්  මිලදි ගත්තේ නිසි මිල ගණන්වලට අනුකූලව බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා   පවසයි. එහෙත් කිසියම් මාධ්‍ය නාලිකාවක් එය හිතාමතා විකෘති කර ප්‍රචාරය කර ඇතැයි ඒ මහතා පැවසිය. 

අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රජය ලෝක වෙළෙඳපොළ ඉන්ඩෙක්ස් අගය අනුව බොර තෙල් මිලදී ගෙන ඇතැයිද කීය.

එහෙත් අප්‍රේල් 02දින  රජය ඩොලර් 286කට ඩීසල්  මිලදී ගත් බවත් , එම අවස්ථාවේ ලෝක වෙළෙඳපොළ ඉන්ඩෙක්ස් අගය ඩොලර් 291ක් වූ බවද කීය.එම ඉන්ඩෙක්ස් අගයටත් වඩා අඩු මිලකට එදින් බොර තෙල් මිලදී ගෙන ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

හැකිනම් බොර තෙල් බැලරයක් ඩොලර් 286කට මිලදී ගත් බවට පෙන්වන්නැයි අභියෝග කරන බවද මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.