පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත්වුණු මෙන්ම මියගිය අපේම ජනතාවට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ සියලු දෙනාට මානසික සුවය ශක්තිය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද බෝධි පූජා පිංකමක් ජාතික මට්ටමින් හෙට උදෑසන කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.
ඊට සමගාමීව දිවයිනේ විවිධ ස්ථානවල බෞද්ධ ,කතෝලික ඉස්ලාම්, හින්දු වශයෙන් සර්ව ආගමික ආශිර්වාද පිංකම් සිදුකිරීමට බලාපොරොත්තු වේ. ඒ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට නියමිත සර්ව ආගමික පින්කම් සම්බන්ධවයෙන් පූර්ව සාකච්ඡාවක් අද උදෑසන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් නිල රැස්වීම් කාමරයේ දී පැවැත්විණ.
ඒ අනුව හෙට දිනයේ දී සිදුකිරීමට නියමිත ජාතික වැඩසටහනට සමගාමී ව කළුතර දිස්ත්‍රික් වැඩසටහන කළුතර බෝධීන් වහන්සේ අභියස අභියස හෙට උදෑසන (2025.12.09) පූජ්‍යපාද මහා සංඝරත්නයේේ අනුශාසකත්වයෙන් සහ ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
එමෙන්ම සෙසු ආගම් නියෝජනය කරමින් හෙට දින කළුතර සිරිකුරුස දේවස්ථානය, වෙට්ටුමකඩ ඉස්ලාම් දේවස්ථානය, පානදුර හින්දු කෝවිල යන ආගමික ස්ථාන මුල්කර ගනිමින් සර්ව ආගමික වශයෙන් පිංකම් සිදු කිරීමට නියමිත ය.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය වන පරිදි සියලුම පන්සල්වල සහ අනෙකුත් ආගමික ස්ථානයන්වල ආශිර්වාද පින්කම් සිදුකිරීමට බලාපොරොත්තු වේ.
මෙම සර්ව ආගමික පිංකම් සිදුකරන වේලාවන් සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡා කෙරිණ.
මෙම සාකච්ඡාව සඳහා පූජපාද මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, කළුතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්ම කුමාර මහතා, කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී.හේරත් මහතා, කළුතර ප්‍රාදේශීය ලේකම් සාරංගි ධීරරත්න මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංග ප්‍රදීප් මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් සංස්කෘතික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


