ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන ආහාර, ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 950ක ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 4ක් දිවයිනට පැමිණේ.
ඉන් නෞකා 3ක් ඊයේ (07) දින කොළඹ වරායට පැමිණි අතර අනෙක් නෞකාව අද (08) දින ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතය.
ඒ අනුව ඊයේ (07) දින කොළඹ වරාය පරිශ්‍රයේදී එම ආධාර තොග භාර ගැනීම සඳහා වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු තවත් පිරිසක් ද සහභාගී වූහ.
පරිප්පු ටොන් 300ක්, සීනි ටොන් 300ක්, කිරි පිටි ටොන් 25ක් ඇතුළු අත්‍යවශ්‍ය සහනාධාර තොගයක් එලෙස ඉන්දියාවේ තමිල්නාඩු සිට අප වෙත යොමු කර තිබේ.
චෙන්නායි සහ තූත්තුකුඩි වරායන්හි සිට මෙරටට යොමු කළ මෙම ටොන් 950ක ආධාර රැගත් නැව්ගතකිරීම ප්‍රාන්ත රාජ්‍යයක් විසින් ජාත්‍යන්තර ආපදා කලාපයකට යොමු කළ විශාලතම තනි නැව්ගත කිරීම ලෙස සැලකේ.


