කොලොන්නාව ප්‍රජා සංවර්ධන සභාවන් හි සභාපතිවරුන් පත් කෙරේ

කොලොන්නාව ප්‍රජා සංවර්ධන සභාවන් හි සභාපතිවරුන් පත් කෙරේ
  • SocialShare:

දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ ගොඩනගන ප්‍රජා ශක්ති වැඩසටහනට අදාලව ප්‍රජා සංවර්ධන සභාවන් හි කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හි සභාපතිවරුන් පත් කිරීම අද (15) සිදු කෙරුණි.

ග්‍රාම නිළධාරී කොට්ඨාසයන් හි සංවර්ධන වැඩ පිළිවෙලක් සැකසීමත් එය ක්‍රියාත්මක කිරීමත්, ජාතික ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල වෙනුවෙන් ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සැලසුම් සැකසීමත් යන කාරණා වෙනුවෙන් රජය විසින් ග්‍රාම සේවා මට්ටමින් ප්‍රජා සංවර්ධන සභා ගොඩනගමින් පවතියි. ඒ අනුව කොලොන්නාව ග්‍රාම සේවා වසම් 46 හි ප්‍රජා සංවර්ධන සභාවන් හි සභාපතිවරුන් පත් කිරීම අද (15) සිදු විය.

මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළේ, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් ප්‍රජා සංවර්ධන සභාවන් ට විශාල වගකීමක් පැවරෙන බවයි. ඊට අදාල මූලික සැලසුම් කඩිනමින් ප්‍රදේශවාසීන්ගේ ද අදහස් සහ යෝජනා ලබාගනිමින් සැලසුම් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අඩු අදායම්ලාභී පුද්ගලයෙක්, දෙදෙනෙක් තෝරා ගන්නවා වෙනුවට දිළිදු භාවය තුරන් කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් සකස් කර ඇති ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කිරීම ප්‍රජා සංවර්ධන සභාවේ වගකීම විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුශ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.