සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
  • SocialShare:

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් විය.

www.doenets.lk හා www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුහල්පතිවරුන්ට අදාළ ප්‍රතිඵල ලේඛන බාගත කිරීම සඳහා ඔවුන් වෙත ලබා දී ඇති මුරපද හා පරිශීලක නාම භාවිත කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.