සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මෙම හමුවේ දී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් කතිකාවක් සිදු වූ අතර එහි දී මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට ඇමරිකානු තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එකගතාවය පළකරනු ලැබී ය.
එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේ ය.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා රජයන්, රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව ද පැවසී ය.
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාගේ ම අදහස් යෝජනා ලබා ගෙන නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඊට අදාල කටයුතු සිදුවෙමින් පවතින බවත් මෙහි දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇමරිකානු තානාපතිනිය දැනුවත් කර සිටියේ ය.
මෙහි දී ඇමරිකානු තානාපතිවරිය මෙරට මාධ්‍යවේදීන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් සකස්කිරීමේ සහ ක්‍රියාත්මක පිළිබඳව අමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගන්නා ලදී.
එමෙන් ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් මාලාව පිළිබදව ද කරුණු පැහැදිලි කරන ලදී.
මින් පෙර අවස්ථාවන් වල දී මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ඇමරිකානු රජය ලබා දුන් සහාය සිහිපත් කරමින් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇමරිකාවේ පරිත්‍යාගයක් ලෙස 1973 වසරේ දී මෙරට ස්ථාපිත ත්‍රීපෝෂ ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ දියුණුව පිළිබඳව ද ඇමරිකානු තානාපතිනියට විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබී ය.
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අනාගත වර්ධනයන් ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ද ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය මෙහිදී අවධාරණය කර සිටියා ය.
මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාල නියෝජනය කරමින් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.


