ජගත් පරිසර දින ජාතික උත්සවය අද (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේදී පැවැත්වේ.
ජගත් පරිසර දිනයට සමගාමීව ජනාධිපතිතුමන් වෙත ප්‍රදානයන් කිහිපයක් සිදු කිරීමට නියමිත අතර බන්දුල පෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභයභූමියක් බවට පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
රක්ෂිත ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබද ගැසට් පත්‍රය පිළිගැන්වීමද අද සිදු කිරීමට නියමිතය.
පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීමට නියමිත අතර හරිත දුම්රිය ස්ථාන ඇගයීමද අද සිදු කෙරේ.